Thursday, March 05, 2026
Follow Us
කිරි තේ අලෙවිය නවතයි

කිරි තේ අලෙවිය ගැන හදිසියේ ගත් තීරණය


කිරි පිටි මිල යළිත් ඉහළ දැමීම හේතුවෙන් කිරි තේ අලෙවිය අද(30) සිට අත්හිටුවීමට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

යළිත් කිරි තේ කෝප්පයක මිල ඉහළ දැමුවහොත් රුපියල් 80 ඉක්මවන බැවින් කිරි තේ අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

කිරි පිටි මිල ඉහළ දමා ඇති අවස්ථාවක නැවත වරක් කිරි තේ කෝප්පයක මිල වැඩිකළහොත් එය පාරිභෝගිකයින්ට දරා ගැනිමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් පැවසීය

(Aruna)