Thursday, March 05, 2026
Follow Us
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ ඊයේ රාත්‍රි 09 සිට පැය 12ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව මේවනවිට කොළඹ, කෝට්ටේ, කඩුවෙල, දෙහිවල සහ ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ මෙන්ම කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

(Neth)