Thursday, March 05, 2026
Follow Us
හෙට කෝච්චි නවතින ලකුණු‍‍

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි


සිය ඉල්ලීම් ඉටු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම අපොහොසත් වීම හමුවේ සිය වෘත්තීය ක්‍රියා මාර්ග දැඩි කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසයි.

ඒ අනූව අද (26) රාත්‍රී 12 සිට සියලු දුම්රිය සේවා වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.
ජනතාව අපහසුතාවට පත්නොවන ආකාරයෙන් මේ වනතෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග පවත්වාගෙන පැමිණි බවත් බළධාරීන්ගේ අවධානය මේ වනතෙක් නොලැබීම හමුවේ ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවූ බවත් ඔවුන් පැවසීය.

(Aruna)