Wednesday, March 04, 2026
Follow Us
ගෑස් බෙදා හැරීමේ කටයුතු අරඹයි

ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්


ගෑස් බෙදා හැරීමට කටයුතු (22) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා මේ බව පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබාදුන් නිර්දේශවලට සහ ප්‍රමිතීන්ට අනුකූලව අදාළ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)