Wednesday, March 04, 2026
Follow Us
බස් – දුම්රිය ගාස්තු තීරණය අද

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද විශේෂ සාකච්ඡාවක්


ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අනිවාර්යයෙන්ම බස් හා දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අරුණ ට ඊයේ (21 වැනිදා) පැවසීය.

පවතින තත්ත්වය මත ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ දී අද (22 වැනිදා) පැවැත්වේ.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ඇතුළු ප්‍රවාහන බලධාරීහු මෙම සාකච්ඡාවට කැඳවා ඇත.

(Aruna)