Wednesday, March 04, 2026
Follow Us
ලංකාවේ වාහන ක්ෂේත්‍රයේ පෙරළියක්

අද සිට වෙළඳපොලට එන අලුත්ම වාහනය මෙන්න


මෙරට ප්‍රථම වරට ලාංකීය ශ්‍රමයෙන් දේශීය අගයක් එකතුකරමින් නිපදවන ට්‍රක් රථ පෙළක් වෙළඳපොලට හඳුන්වාදීම අද(20)දින සිදු කෙරේ.

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් එකලස් කරන ලද මෙම ට්‍රක් රථ වෙළඳපොලට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකරනු ලබන්නේ හෝමාගම – ගොඩගම පිහිටි එම සමාගමේ කර්මාන්තශාලාවේදියි.

ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම හා අමතර උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක් (Standard Operating Procedure) පසුගිය මාර්තු මස 15 වනදා හඳුන්වාදෙනු ලැබීය.

(Aruna)