Wednesday, March 04, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක්

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙනවා. ඉකුත් සතියේදී ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 700යේ සීමාව ඉක්මවා වාර්තාවුණා. කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කෙසේවෙතත් එලෙස දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළද සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තවදුරටත් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

බූස්ටර් එන්නත ලබාගත්තද අනිවාර්්‍යයෙන් ම ඉදිරියටත් සෞඛ්‍ය පුරුදු එලෙසම පවත්වාගෙන යායුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)