Wednesday, March 04, 2026
Follow Us
කොවිඩ් පරීක්ෂණවලින් ජපුර රසායනාගාරය ඉවත් කරයි ද?

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙන් චෝදනාවක්


මෙරට ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද දැනට හඳුනාගන්නා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඉන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

“පසුගිය 15 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා. බැලූ බැල්මට කියලා තියෙන්නේ ප්‍රභේද පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර 4ක් නම් කරනකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරය ඒ ලැයිස්තුවෙන් හලලා තියෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට මේ ආසාදිතයෝ සහ පරීක්ෂණ කරන්න එපා කියලා ඔළුව අතගාලා ටොක්කක් ඇනපු චක්‍රලේඛයක් තමයි මේ නිකුත් කරලා තියෙන්නේ.” යනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි

(Aruna)