Wednesday, March 04, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න


මෙම සතිඅන්තයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ 09, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය‍ි.

ලබන 18 සෙනසුරාදා පෙරවරු 11.00 සිට 19 වන ඉරිදා පෙරවරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)