Wednesday, March 04, 2026
Follow Us
විශ්‍රාම යන අය සේවයට ගන්න ආයතන ප්‍රධානියාගේ අනුමැතිය ඕන

ජනවාරි 1ට පෙර විශ්‍රාම යන සේවකයින් ගැන තීරණයක්


අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 65 දක්වා වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දින සිට ලබන ජනවාරි පළමු වැනිදා දක්වා කාලසීමාවේ විශ්‍රාම ගොස් හෝ විශ්‍රාම යාමට නියමිත නිලධාරීන් යළි සේවයේ පිහිටුවන්නේ නම් ඒ සඳහා ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අනිවාර්ය වන බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ‘අරුණ’ ට ඊයේ (13 වැනිදා) පැවසීය.

එම යෝජනාව ක්‍රියාත්මක කෙරෙන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට වන නමුත් යෝජනාව ඉදිරිපත් කළ නොවැම්බර් මස 12 වැනිදා සිට විශ්‍රාම ගොස් හෝ විශ්‍රාම යාමට නියමිත නිලධාරින් සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන්නේ නම් නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතුව ඇතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශයට දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුකට පිළිතුරු දෙමින් ඉහත ප්‍රකාශය කළ ලේකම්වරයා දැනට පවතින තත්ත්වය මත එම නිලධාරීන් යළි සේවයේ පිහිටුවන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද සඳහන් කළේය.

(Aruna)