Wednesday, March 04, 2026
Follow Us
දියර පොහොර කෑන් පුපුරණ හේතුව

මෙලෙස පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි


දියර පොහොර කෑන් පුපුරායෑමට හේතුව පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ අද (11) පැහැදිලි කිරීමක් සිදු කළාය.

මහාචාර්යවරිය එහිදී පෙන්වා දුන්නේ මෙලෙස පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නොවන බවය.

“දියර පොහොර කෑන් පුපුරණවා අපි දකිනවා. නැනෝ නයිට්‍රජන් පොහොර නෙමෙයි මේ පුපුරන්නේ. මේ පිපිරීමට ලක්වෙන්නේ වෙනත් පාර්ශ්වයක් හඳුන්වා දුන්න දියර පොහොරක්. මේ දියර පොහොරවල දකින්න ලැබෙන්නේ මාළු අපද්‍රව්‍ය. මාළු අපද්‍රව්‍ය නිසා මේ පොහොර තුළ ඉන්න බැක්ටීරියා වාර්ධනය වෙනවා. ඉතාමත් විශාල විදිහට. බැක්ටීරියා කියන්නෙත් ජීවින් කොට්ඨාසයක්. ඒගොල්ලොත් හුස්ම ගන්නවා. එතකොය කාබන්ඩයොක්සයිඩ් වගේ විවිධ වායු ජනනය වෙනවා. ඒ වායු එළියට යන්න ඉඩ නැති නිසා තමයි කෑන් ඉදිමෙන්නේ. පීඩනය වැඩි වුණාම පුපුරා යනවා. හරි නිර්ණායක යටතේ කාබනික පොහොර නිෂ්පාදනය නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. අනික මේ ප්‍රතිපත්තියට අපි පූර්ව සූදානමක් හදාගත්තේ නැති නිසා තමයි ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. මේ පොහොරවල අස්වැන්න අපිට දකින්න ලැබෙන්නේ තවත් මාස තුන හතරකින්. හිතෙන තරම් අස්වැන්නක් නොලැබුණොත් අපි දැඩි ආහාර අර්බුදයකට ලක්වෙන්න පුළුවන්. ඒක ලංකාවට දරාගන්න බැරිවෙයි.”

(Aruna)