Wednesday, March 04, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11)දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ සිට කොළඹ දක්වා දිවෙන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩි දුරටත් ප්‍රකාශ කළා.

(Neth)