Wednesday, March 04, 2026
Follow Us
ගොවීන්ට බෙදූ දියර පොහොර බූලි පිපිරීම ගැන පරීක්ෂණයක්

දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබාදී තිබූ දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරාගොස් ඇති බව ගොවීන් ඊයේ චෝදනා කළා. දියර පොහොර ඇතුළත් තවත් බූලි රැසක් පුපුරායාමට ආසන්න තත්ත්වයේ පවතින ආකාරයද දැකගත හැකි වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැතහොත් රසායනික ක්‍රියාවක් හේතුවෙන් සිදුවූ පිපිරීමක්දැයි සොයා පරීක්‍ෂණ ක්‍රියාත්මක කරන බවයි.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබූ සමයේ මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට රැගෙන ආ අතර ඒවා ගොවීන් වෙත ලබාදුන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහායි.

(Neth)