Wednesday, March 04, 2026
Follow Us
හෙට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

පැය 20ක කාලයක් ජලය නැතිවෙයි


නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 20ක කාලයක් අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අනුරාධපුර පළමු පියවර, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන යාපනය හන්දිය, මාතලේ හන්දිය, කුරුන්දන්කුලම, සාලියපුර, රඹෑව හා ගල්කුලම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව, මිහින්තලයේ ජල සම්පාදන ක්‍රමය යටතේ ජල සැපයෙන ප්‍රදේශ කිහිපයකට ද හෙට මධ්‍යම රාත්‍රී 12 සිට අනිද්දා (11) රාත්‍රී 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

(Aruna)