Wednesday, March 04, 2026
Follow Us
අන්තර්ජාලයෙන් ඇසැබි රූප යැව්ව අය මාට්ටු

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයුම්


ජංගම දුරකථන හා අන්තර්ජාලය ඔස්සේ පාසල් සිසුවියන්, තරුණියන් හා කාන්තාවන්ට අසභ්‍ය ඡායාරුප හුවමාරු කරමින් පරිගණක අපරාධ චෝදනාවන්ට ලක්වූ එකසිය විසිදෙනකු ගතවූ මාස හය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත මේ සම්බන්ධ ලද පැමිණිලි මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ජාත්‍යන්තර පාසලක දැරියක හා දුරකථනයෙන් සම්බන්ධ වී ඇයගේම පන්තියේ සිසුවකු විසින් නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන හුවමාරු කිරීම සම්බන්ධ චෝදනාවට එම සිසුවා ඉකුත් සතියේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ පාසල් දැරිය කරන ලද පැමිණිල්ලක් මතය.

(Aruna)