Wednesday, March 04, 2026
Follow Us
වයඹ පළාතේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක

සිය ගැටළුවලට ද බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වයඹ පළාතේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෙද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ අද පෙරවරු 07 සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

වෘත්තීය සමිති 15 ක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)