Wednesday, March 04, 2026
Follow Us
ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක්

ඔමික්‍රෝන් ගැන අලුතින් හඳුනා ගත් දේ


ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ(06) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ, මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ 23ක් වගේ, ඇල්ෆා ප්‍රභේදයේ 8යි වගේ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නෑ. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය එන්නත් වලට ඔරොත්තු නොදෙනවයි කියලා පැහැදිලි සාක්ෂි දැනට නෑ.”

(Aruna)