Wednesday, March 04, 2026
Follow Us
ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් ගුවන් යානය දිවයිනට

අනිද් දා දිනයේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි


පකිස්ථානයේ දී අමානුෂික ලෙස අන්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය රැගත් යූ. එල්. 186 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අද (06) පස්වරු 5.06 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙරට දී සිදු කිරීමට නියමිත අතර, මීගමුව රෝහලේ දී එම පරීක්ෂණය සිදු කිරීමෙන් පසු අනිද් දා දිනයේ දී අවසන් කටයුතු සිදු කිරීමටයි ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ ඥාතීන් සැලසුම් කර ඇත්තේ.

(Aruna)