Saturday, May 02, 2026
Follow Us
කිලිනොච්චියේ පිපිරීමකින් අයෙක් මරුට

මෝටාර් උණ්ඩයක් සිය නිවෙසට රැගෙනවිත් කැපීමට උත්සහ කිරීමේදී එය පුපුරා ගොස් සිදුවූ අනතුරකින් කිලිනොච්චිය, පරන්තන්, උමයාර්පුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පිපිරීමෙන් ඔහුගේ බාල සොයුරාද තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

(Neth)