Wednesday, March 04, 2026
Follow Us
LPL පළමු තරගයේ ජය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

භානුක රාජපක්ෂගේ පිත්තෙන් ලකුණු 56ක්


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජයගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ, ලකුණු 54කින්.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 164ක් රැස්කර ගැනීමට සමත් විය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් නායක භානුක රාජපක්ෂ ලකුණු 56ක් ලබාගත් අතර. ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද ඇතුලත් වේ.
අනතුරුව පිටියට පැමිණි තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර18යි පන්දු 4කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 110ක් පමණියි.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් වහාබ් රියාස් ලකුණු 27ක් රැස්කර ගත්තේය.

ඒ අනුව ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ පළමු තරගයේ ජය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හිමිවිය.

(Aruna)