Wednesday, March 04, 2026
Follow Us
ආපනශාලාවක පිපිරීමක්

ගින්නෙන් දැවුනු ආපන ශාලාවට දැඩි අලාභ හානි


අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ රාත්‍රී ආපනශාලාවක ඊයේ (04) සවස 6.45 ට පමණ පිපිරීමක් සිදුව ඇති අතර එහිදී හටගත් ගින්නෙන් වෙ‌ළෙඳසැළට දැඩි අලාභහානි සිදුවී තිබේ.

අධික ශබ්දයක් සමග ගින්න හටගත් අතර, ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව වෙ‌ළෙඳසැල්හිමියා පවසයි.

සිය වෙළෙඳසැළේ ආහාර පිසීම සඳහා භාවිත කරන ගෑස් උඳුනේ මෙම පිපීරිම සිදුවු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)