Wednesday, March 04, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට රාත්‍රී 10.00 සිට ජලය කැපෙන ප්‍රදේශ මෙන්න


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (29) රාත්‍රීයේ සිට පැය 7ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ හෙට (30) රාත්‍රී 10.00 සිට දෙසැම්බර් 1 වැනිදා අලුයම 5.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බවයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල – කොස්වත්ත, රාජගිරියේ සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය හා ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිට වනු ඇත.
අත්‍යවශ්‍ය ජලනල නවීකරණ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

(Aruna)