Wednesday, March 04, 2026
Follow Us
කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ගැටුම ගාල්ලේදී අද ඇරඹෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 187කින් ජය ගත්තා. ඒ අනුව තරග 2කින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලියේ 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා පිල පෙරමුණ ගෙන සිටිනවා.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ එක් වෙනසක්කමක් සිදුවනු ඇති බවයි දිනේෂ් චන්දිමාල් ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළේ.

මිකී ආතර්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන අවසන් තරගයද මෙය වනවා.

(Neth)