Wednesday, March 04, 2026
Follow Us
නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මරුට

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ අංකුඹුර, රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාක් මියගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 56 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

අධික වර්ෂාව මධ්‍යයයේ මෙසේ නිවස මතට පස් කන්ද කඩා වැටෙන මොහොතේ මෙම කාන්තාවත්, ඇගේ සැමියාත් දියණියත් නිවසේ සිට ඇති අතර අනතුරින් ඔවුන් තිදෙනාම රෝහල්ගත කළ පසු මෙම කාන්තාව මියගොස් තිබෙනවා.

බොක්කාවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇගේ සැමියා සහ දියණිය මේ වනවිට මහනුවර රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)