Wednesday, March 04, 2026
Follow Us
කින්නියා නගර සභා සභාපති අත්අඩංගුවට

පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා මස 08 වැනිදා දක්වා රිමාන්ඩ්


කින්නියා කුරුඤ්ඤංකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ නගරාධිපතිවරයා කින්නියා පොලිසිය වෙත කඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇත.
පාසල් ළමුන් ඇතුළු 06 දෙනෙකුට මරු කැඳවූ කින්නියා පාරු අනතුර සම්බන්ධයෙන් ඊයේ (24) අත්අඩංගුවට ගත් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

(Aruna)