Wednesday, March 04, 2026
Follow Us
පන්නිපිටියේ නිවසක හදිසි පිපිරීමක්

අද උදෑසන පන්නිපිටිය කැළඹූ පිපිරීම


කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක අද(25) අලුයම කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව පොලිසිය පවසයි.

පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබෙන අතර නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

“පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ.”යනුවෙන් සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළේය

(Aruna)