Tuesday, March 03, 2026
Follow Us
ප්‍රදේශ කිහිපයකට වතුර නැති වෙයි

ජල සම්පාදනයෙන් දැනුම්දීමක්


ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අනිද්දා (25) පෙරවරු 9 සිට පස්වරු 7 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වාද්දූව , වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගා නගරය , අලුත්ගම, පිළමිනාවත්ත, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවල ජල කප්පාදුව සිදුකෙරේ.

අලුත්ගම, මතුගම හා අඟලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් එම ජලකප්පාදුව සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

(Aruna)