Friday, May 01, 2026
Follow Us
රිජ්වේ ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් වැඩි වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කෙරෙන කොරෝනා සහ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා.

කොරෝනා ආසාදිත දරුවන් 24 දෙනෙකු පමණ මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි ඔහු පැවසුවේ.

ඩෙංගු රෝගය වැළඳුණු දරුවන් වැඩි සංඛ්‍යාවක් ද රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

(Neth)