Tuesday, March 03, 2026
Follow Us
ලාෆ් ගෑස් පාරිභෝගිකයින්ට බලාපොරොත්තුවක්

ණයවර ලිපියක් විවෘත කිරීම සඳහා ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන්නේ නම් සිය පාරිභෝගිකයන් සඳහා අවශ්‍ය සම්පූර්ණ ගෑස් තොග සතියක් ඇතුලත සපුරාදිය හැකි බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය පැවසුවේ වෙළඳපොලේ පවතින ගෑස් හිඟයට හේතුව රටතුළ පවතින ඩොලර් හිඟය බවයි.

පවතින ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මෙහිදී සඳහන් කළා.

ඉදිරි දින කිහිපයේදී සීමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කෙරෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)