Friday, May 01, 2026
Follow Us
කොළඹ ගොඩනැගිල්ලක පිපිරීමක්

කොළඹ තුරඟ තරඟ පිටිය ආසන්නයේ වූ ගොඩනැගිල්ලක පිහිටි ආපන ශාලාවක් තුල අද උදෑසන පිපිරීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මෙම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට සැකපළ කරන බවයි.

මෙම පිපිරිමෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාලයක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

(Neth)