Tuesday, March 03, 2026
Follow Us
ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක් වෙළෙදපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැටළුව විසඳෙන දිනය


මෙම සතිය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි හා වෙළඳ අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා පැවසුවේ ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන කටයුතු අඩාලවීම හේතුවෙන් අතිරේක ඉල්ලුමක් සිය සමාගම වෙත පැවරුනු බවයි.
එය ගෑස් හිගයකට හේතු වී ඇති බව ද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් එම ගැටලුව තවත් දින 6ක් තුළ විසදෙනු ඇතැයි ද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)