Tuesday, March 03, 2026
Follow Us
මහවිරු සැමරුමට එරෙහිව අට දෙනෙකුට තහනම් නියෝගයක්

මහවිරු සතිය තුළ මහ විරු සැමරුම් සිදුකිරීම වළක්වන ලෙසට වවුනියාව මූලස්ථාන පොලිසිය පුද්ගලයින් අට දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝග ලබාගෙන තිබෙනවා. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන්, එස්. ශිවමෝහන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සදහායි.

යුද්ධයෙන් මියගිය එල් ටී ටී ඊ සාමාජිකයින් සිහි කරමින් මහවිරු සැමරුම් සතිය නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා උතුරේ ජනතාව සාමාන්‍යයෙන් සමරනු ලබනවා. ඒ, මුලතිව් මල්ලාවි, කිලිනොච්චිය කනගපුරම්, වවුනියාව ඊච්චන්කුලම, මන්නාරම වෙඩිතලතිව් ආදි ප්‍රදේශවලයි.

(Neth)