Tuesday, March 03, 2026
Follow Us
අද  දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


අද (19) දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) දිනයේ දී වැසි වාර කීපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද (19) සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.

(Aruna)