Tuesday, March 03, 2026
Follow Us
බදු වැඩිකිරීමෙන් වාර්ෂික දුම්වැටි භාවිතය මිලියන 25 කින් අඩුවන බවට පුරෝකථනයක්

මෙවර අයවැයෙන් දුම්වැටියක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට ගෙන ඇති තීරණය මගින් වාර්ෂිකව අලෙවි වන දුම්වැටි ප්‍රමාණය මිලියන 25 කින් අඩුවන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

මත්පැන් මිල ඉහළ දැමීම මගින් රුපියල් බිලියන 25 ක ඍජු ආදායමක් රජයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහිදී අනාවරණ කෙරුණා.

(Neth)