Tuesday, March 03, 2026
Follow Us
අරක්කු කාල තහනම් කරන්න යයි

අරක්කු කාලේ බෝතලය ගැන සමීක්ෂණයකින් තීරණයකට එයි


මත්පැන් කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ බව සභාපතිවරයා පවසයි

මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණයට වයස කණ්ඩ තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

වයස 17 – 30 දක්වා 40% ප්‍රමාණයක්, වයස 31 – 45 දක්වා 35% ක් සහ වයස 45 ට වැඩි 25% පමණ මීට සහභාගි වූ අතර මුළු සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යාපන මට්ටමේ පුද්ගලයන් මේ සදහා දායක කරගත් බව සභාපතිවරයා පවසයි.

(Aruna)