Tuesday, March 03, 2026
Follow Us
නෙළුම් කුලුනට නව සමාගමක්

නෙලුම් කුලුනට සිද්ධ වෙන යන දේ මෙන්න


නෙලුම් කුලුන වෙනුවෙන් ‘සීමාසහිත ලෝටස් ටවර් කම්පැනි ලිමිටඩ්’ නමින් නව සමාගමක් පිහිටුවීමට මහා භාණ්ඩාගාරය බලාපොරොත්තු වන අතර, එය කොළඹ නගරයේ වටිනා දේපළ කිහිපයක් බදුදීමට නිර්මාණය කළ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම හා සමාන වේ.

කොළඹ සංකේතාත්මක සන්ධිස්ථානයක් වන නෙළුම් කුලුන ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම නව සමාගම ආරම්භ කෙරේ. නෙළුම් කුලුන මේ වසරේ නොවැම්බර් 30 වන විට එහි වත්මන් අධිකාරිය වන ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් මුදල් අමාත්‍යාංශයට පැවරීමෙන් පසු මෙම සමාගම ස්ථාපිත කිරීමට නියමිතය.
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විසින් නෙළුම් කුලුන ඔක්තෝබර් 31 වන දින භාණ්ඩාගාරයට භාරදීමට නියමිතව තිබූ නමුත් චීන කොන්ත්‍රාත්කරුට එක්සත් ජනපදය විසින් අන්තර්ජාතික මට්ටමින් පනවා තිබූ තහනමක් හේතුවෙන් ප්‍රමාදයක් ඇති විය.

(Aruna)