Tuesday, March 03, 2026
Follow Us
ඉන්ධනහල් අසල දිගු පෝලිම්

කටකතාවක් පැතිර ගිය දුර


සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග තෙල් හිඟයක් ඇතිවන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ඊයේ (15 වැනිදා) රට පුරා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.

ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි වාහනවලින් සහ තෙල් බූලී රැගෙන එන පිරිස් නිසා දිගු පෝලිම් දැකගත හැකි විය. ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන් වූ බවද මේ සමග අනාවරණය විය.

ඊයේ (15 වැනිදා) අම්බලන්ගොඩ බස්නැවතුම්පොළ ඉදිරිපිට තෙල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට විය.

 

(Aruna)