Tuesday, March 03, 2026
Follow Us
ඔරොත්තු නොදෙන සිමෙන්ති මිල නිසා ඉදිකිරීම්කරුවන් ව්‍යාපෘති අත්හිටුවීමට සැරසෙයි

අධික මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවි කිරීම හේතුවෙන් ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ගිවිසුම් ප්‍රකාරව ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී ව්‍යාපෘති අත්හිටුවන ලෙස සිය සංගමයේ සාමාජිකයන් දැනුවත් කර ඇති බවයි.

ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,200 සිට 1,500 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවටයි ඉකුත් දින කිහිපයේදී තොරතුරු වාර්තා වුණේ.

(Neth)