Tuesday, March 03, 2026
Follow Us
ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩකට දමා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ මාර්ගය අසල කැළි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබියදී එම මළ සිරුර සොයාගැණුනේ පසුගිය 4 වනදායි.

එලෙස මිය ගොස් සිටි කාන්තාව 42 හැවිරිදි මොහොමඩ් සාෂි ෆාතිමා මුම්ටාස් නැමැති අයෙකු බව විමර්ශණවලදී අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් ද පසුගිය 6 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

(NEth)