Tuesday, March 03, 2026
Follow Us
කඩිගමුවේත් නාය යෑමක්. දුම්රිය ධාවනයත් නැවත දැනුම් දෙන තුරු නවතී !

කඩිගමුව දුම්රිය ස්ථානය අසල සිදුව ඇති නාය යෑමක් නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළට ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඊයේ (08) රාත්‍රියේ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කඩිගමුව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව ඇති අතර දෙවැනි වේදිකාවේ කොටසක් ද නාය යෑමට හසුව ඇත.

මීට අමතරව පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ද ජලයෙන් යටවීම දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

(LNW)