Tuesday, March 03, 2026
Follow Us
රෝහල් රැසක සංවර්ධනයට පළාත් සභා හරස් වෙයි

පළාත් සභා මගින් පාලනය වන රෝහල් කිහිපයක් මධ්‍යම රජයට පවරා ගෙන සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මාස කිහිපයක් ගතව ඇතත් එය මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතුවී ඇත්තේ පළාත් සභා මගින් ඊට අදාළ එකගතාවන් ලබා නොදීම බව වාර්තා වනවා.

පළාත් සභා මගින් පාලනය වන තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතේ සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ ඉකුත් ජුනි මාසයේදීයි. ඒ අනුව දැනට පළාත් සභා මගින් පාලනය කෙරෙන සහ තෘතියික සෞඛ්‍ය සේවා ආයතන ඛාණ්ඩය යටතට ගැණෙන මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය යටතට පත්කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණේ.

කෙසේවෙතත් පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් ඊට අදාළ අනුමැතිය ලබා නොදීම හේතුවෙන් එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

(Neth)