Tuesday, March 03, 2026
Follow Us
අනාගතය පිළිබද බලාපොරොත්තු දැල් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද යළිත් මෙරටට පැමිණියා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන්.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ නැහැ. ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගි වු තරග පහෙන් දෙකක් පමණක් ජය ගැනීම හේතුවෙන්.

එහෙත් තරුණ කණ්ඩායමක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂතා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ අවධානය දිනා ගැනීමට මෙවර හැකි වුණා.

(Neth)