Monday, August 31, 2026
Follow Us
කාන්තා මළසිරුරක් සහිත බෑගයක් හමුවෙයි

සපුගස්කන්ද ප්‍රදේශයෙන් හමුවූ අභිරහස් මළසිරුර


සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේ දමාගොස් තිබූ ට්‍රැවලින් බෑගයක තිබී කාන්තා සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ මරණයට පත්වී ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.

දින කිහිපයක් බෑගය මෙම ස්ථානයේ තිබී ඇති බවට පොලීසිය සැක පල කර තිබේ.
මේ වන විට එම ස්ථානය කැළණිය කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටින බව පොලීසිය පැවසීය.

(Aruna)