Tuesday, March 03, 2026
Follow Us
සංවර්ධන නිලධාරින් සහ රැකියාලාභී උපාධිධාරින් වැඩවර්ජනයකට සුදානම් වෙයි

8 වන සඳුදා අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණයක්


සංවර්ධන නිලධාරි සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරින්ගේ සංගමය එළඹෙන 8 වන සඳුදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක්දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වෘත්තිය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් එම තීරණය ගත් බවයි.

(Aruna)