Tuesday, March 03, 2026
Follow Us
සිරිල් ගාමිණී පියතුමාගෙන් CIDයට ලිපියක්. FR පෙත්සම කැඳවීම නොවැම්බර් 08

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් එම දිනය ලබාදී ඇත.

මේ අතර ඊයේ (03) දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට කැඳවීමක් කර තිබුණු අතර එතුමා වෙනුවට එහි පැමිණි එතුමාගේ නීතීඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ ස්ථානාධිපතිවරයාට ලිපියක් බාරදී තිබේ.

දැනටමත් සිරිල් ගාමිණී පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග අනුව ඉදිරියේදී ක්‍රියාකරන බව එම ලිපියෙන් දැනුම් දී ඇති බව සඳහන්.

සිරිල් ගාමිණී පියතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් එම පියතුමන්ට එරෙහිව කර ඇති පැමිණිල්ලක් නිසාය.

(LNW)