Tuesday, March 03, 2026
Follow Us
දකුණේ සතිපොළක කොවිඩ් ආසාදිතයින් 34ක්

අහඹු පරීක්ෂණ 114කින් හදුනාගත් කොවිඩ් ආසාදිතයින්


දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු පෙරේදා (02 වැනිදා) හඳුනාගත් බව දික්වැල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි පැවසීය.

දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 114 දෙනෙකු දික්වැල්ල මහජන පොළ භූමියේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර, එහිදී මෙම ආසාදිතයන් 34 දෙනා හඳුනාගෙන ඇත.
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් යළිත් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමට පටන් ගෙන ඇති බැවින් සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජගත් පුෂ්පසිරි වැඩිදුරටත් පැවසීය.

(Aruna)