Tuesday, March 03, 2026
Follow Us
තෙල්, විදුලි, වරාය සේවකයන් කොළඹට - විදුලි විසන්ධියක් අද නැහැ - වෘත්තීය සමිති කියයි

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමට ගෙන ඇති තීරණය ඇතුලු ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සංධානයේ උද්ඝෝෂණ මාලාවක් අද පැවැත්වෙනවා.

ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ මේ හේතුවෙන් විදුලි විසන්ධි වීමක් සිදු නොවන බවයි. එහෙත් ස්වභාවික හේතුවක් මත විදුලිය බිදවැටීමක් සිදුවුවහොත් එය යථාතත්ත්වයට පත් කිරීමේදී හෙට දක්වා ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සිය ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපයේදී වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැදවුම්කරු රංජන් ජයලාලල් වැඩිද්රටත් සදහන් කළා.

වරාය සේවකයන් ද කොළඹ වරාය කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක නිරත වන බවයි සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පැවසුවේ.

ඛණිජ තෙල් සේවකයින් කොලොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිටදී සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී උද්ඝෝෂණවල නිරත වන බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවා.

(Neth)