Tuesday, March 03, 2026
Follow Us
කොවිඩ් එන්නත ගත් අයත් අවදානමේ

එන්නත් ගත් සැනින් තමන් සුරක්ෂිත නෑ


රටවල් කීපයක් අතර මේ දිනවල පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය අප රට තුළට ඇතුළු නෙවේයැයි නොසිතිය යුතු බවත් එසේ වුවහොත් දැඩි අවදානම් තත්ත්වයකට රට නැවතත් තල්ලු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේද පැවසීය.

කොවිඩ් මර්දන එන්නත ලබා ගත් සැනින් තමන් සුරක්ෂිත බව සිතුවත් නව ප්‍රභේදයන් සියල්ල හඳුනා ගෙන ඇත්තේ කොවිඩ් එන්නත ලබා ගත් අය තුළින් බව සඳහන්. ඒ නිසා මෙරට කොවිඩ් එන්නත ලබා ගෙන ඇති අය පවා ඇතැම් විට නව කොවිඩ් ප්‍රභේදයන්ට ගොදුරු විය හැකියි.

(Aruna)