Tuesday, March 03, 2026
Follow Us
හෙට වතුර කපන තැන් මෙන්න

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්


හෙට (01) පෙරවරු 10 සිට පැය 12ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කැලණිය – මුදුන්ගොඩ (නව පාරේ) සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඒ අනුව හෙට දින සියඹලාපෙවත්ත, බියගම, දෙල්ගොඩ, උඩුපිල, අකුරුමුල්ල, කඳුබොඩ, දෙමළගම, පැලහැල, දෙකටන, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

(Aruna)