Tuesday, March 03, 2026
Follow Us
CID එන්න සිරිල් ගාමිණී පියතුමා සතියක් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා සතියක කාලයක් ඉල්ලා තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී,මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමා අද (28) කැඳවා තිබූ අතර පියතුමන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන්ලා විසින් උක්ත ඉල්ලීම ලිඛිතව කර තිබුණි.

නීතිඥ සහය සහ උපදෙස් පතා එම සතියක කාලය ඉල්ලා තිබේ.

ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී ඇත.

(LNW)